නවින පන්නයේ අත්බොම්බ හා පිස්තෝල උතුරෙන් සොයා ගනියි
වවුනියාව, පුලියන්කුලම, පූදූර් නාගතම්පිරාන් කෝවිල දක්වා වන මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු පුලියන්කුලම පොලීසිය දැක පළා යාමෙන් පසු සැකකරු විසින් දමාගිය බෑගයක බෝම්බ හා පිස්තොලයක් ඊයේ (01) රාත්‍රියේ හමු වූ බවට පුලියන්කුලම් පොලීසිය කියා සිටියේය.
නාදුනන සැකසහිත පුද්ගලයෙකු බෑගයක් රැගෙන නාගතම්පිරාන් කොවිල් මාර්ගයේ ගමන් කරන බවට ලද තොරතුරක් මත පුලියන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් හදිසි පරීක්ෂා කිරීමක් සිදුකිරීමට යාමේදී අදාළ සැකකරු බෑගය දමා කැළෑවට පැන පළාගොස් ඇත.
සැකකරු විසින් දමා ගිය බෑගයේ තිබී අත්බෝම්බ හතරක්, නවීන පන්නයේ මයික්‍රෝ පිස්තෝලයක්, මැගසින් එකක්, මිලිමීටර් 9 ජීවි පිස්තෝල උණ්ඩ 18ක් , මාලිමා යන්ත්‍රයක්, ජංගම දුරකථන දෙකක්, සෝල යන්ත්‍රයක්, හා කැලේ ජීවිත් වීමට හැකි වේදනානාශක බෙහෙත්පෙති, දත් බුරුසුවක්,දත් බෙහෙත් හා සරම් කිහිපයක් විවිධ වූ කෑම හා ඇඳුම් තොගයක් හමු වූ බවට පොලීසිය කියා සිටියේය.
සොයාගත් අත්බෝම්බ එල් ටි ටි ඊ සංවිධානය නිෂ්පාදිත වර්ගයේ අත්බෝම්බ වන බවද පොලීසිය මූලික විමර්ශනයන්ගෙන් අනාවරණය කර ඇති අතර, සොයාගත් පිස්තෝලය හා පතුරම් ඉතා නවීන තත්වයේ පවතින බවද ආරක්ෂක අංශ සඳහන් කරයි.
මේ වන විට සැකකරු සොයා පුලියන්කුලම පොලිස් නිලධාරීන්, පුලියන්කුලම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ යුධ හමුදා නිලධාරීන් විසින් සැකකරු පළා ගිය කැලෑ ප්‍රදේශය සොයා සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇත.


popular news
-
Bandula. Wednesday, 02 January 2019 03:52 PM
එල්.ටි.ටි. ත්රස්තවාදීන්ගේ වගේ කියල නම් කියන්න, එපා අර උතුරේ පෙඩරල් කස්ටියට තරහා යාවි.
Reply : 0 10
lion Wednesday, 02 January 2019 03:58 PM
විමල්ටයි, ගම්මන්පිලටයි ඔන්න දැන් වැඩ තියෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
