නිවෙස්වල දි මියගොස් සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ මෘත දේහයන් පශ්චාත් මරණ පරික්ෂණ සදහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයට රැගෙනවිත් කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි එම පුද්ගලයින් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (03) තහවුරුවි ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා පවසයි.
මියගොස් සිටි පුද්ගලයින් දෙදෙනා කුරුදුවත්ත ගිංතොට හා ටක්කියාවත්ත තලාපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙති. මියගිය එක් අයෙකු 59 හැවිරිදිවියේ පසුවන අතර අනික් පුද්ගලයා 77 හැවිරිදි වියේ පසුවෙයි.
මොවුන් දෙදෙනා සිය නිවෙස්වල දි මියගොස් සිටි අතර ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක ඒ.එච්.එම් නාසිම් මහතාගේ නියෝගයකට අනුව පශ්චාත් මරණ පරික්ෂණ සදහා මෙකි මෘත දේහයන් දෙක කරාපිටිය රෝහලට රැගෙන එනු ලැබිය.
මෙකි පුද්ගලයින් දෙදෙනා මිය යාමෙන් පසුකරණු ලැබු පි.සි.ආර් පරික්සණයේ දි මොවුන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා පැවසිය.
මින් එක් අයෙකු රෝහල්ගත සිට රෝහලින් නිදහස්ව නිවසට ගොස් සිටියදි මියගිය අයකු බව ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක ඒ.එච්.එම් නාසිම් මහතා පවසයි.
මියගිය පුද්ගලයින් දෙදෙනාගේ පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්විමෙන් පසු නිරෝධායන නිතිරිතිවලට අනුකුලව අදාහන කටයුතු කිරිමට සිදුකරණ බවද නාගරික හදිසි මරණ පරික්ෂකවරයා සදහන් කළේය.