සිය නිවසතුළම ගෙල වැලලාගෙන මියගොස් සිටි පුද්ගලයෙකුගේ මෘත දේහය පිළිබදව කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහු කොවිඩ් අසාධිතයෙක් බව (28) දා අනාවරණය වී තිබේ .
බදුල්ල පහලගම පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙක් (27) දා මෙසේ ගෙල වැළලාගෙන තිබූ අතර මෘත දේහය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා බදුල්ල මහ රෝහලට රැගෙන ආ බවත් පීසීආර් පරික්ෂණයේදී ඔහු කොවිඩ් ආසාධිතයෙක් බව තහවුරුවූ බවත් බදුල්ල මහ රෝහලේ හදිසි මරණ පරීක්ෂක ඩී.එම්. ලීලාරත්න මහතා පැවසීය .
පවුල් ආරවුලක් නිසා ඔහු ගෙල වැලලාගෙන ඇති බව හදිසි මරණ පරික්ෂණයේදී අනාවරණය වූ බවද ලීලාරත්න මහතා සඳහන් කළේය.
පාලිත ආරියවංශ