නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,000 සීමාවට පැමිණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි.
ඔවුන් ලියාපදිංචි කිරීමෙන් අනතුරුව මේ නිවෙස්ගතව ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේය
නිවෙස්වල නිරෝධායනයේ සිටින කොරෝනා ආසාදිතයින්ට, රෝගය උත්සන්න වුවහොත්, ඔවුන් රෝහල් කරා රැගෙන එන බව ද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.