කිලිනොච්චිය මුරසුමොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළවූ පිපිරීමකින් පසුව නිවසේ සිටි පුද්ගලයෙකු ඊයේ (15) දින අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.
මුරසුමුට්ටෙයි කුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි අදාළ නිවස තුළ සිදු වූ පිපිරීමකින් පසුව එම නිවසට පොලීසිය හා යුද හමුදාව පැමිණ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී නිවසේ තිබී තවත් පතුරම් තොගයක් හමු වීමෙන් නිවෙස් හිමියා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් පුද්ගලයා මුහමාලෙයි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල නිරත වූවෙකු බවට මේ වන විට අනාවරණ වී ඇති අතර එම පුද්ගලයා පුපුරණද්‍රව්‍ය නිවසට රැගෙන ඒමට හේතුව පිපිරීමකට ලක් වූ දෑ පිළිබඳව ප්‍රශ්න කිරීම් සිදු කරන බවටද පරික්ෂණ සිදු කරන කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.