පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජය විසින් රාජ්‍ය හා පෞද්ගලික අංශ වෙත ලබාදුන් නිවාඩු දිනය තවදුරටත් දිර්ඝ කරමින් හෙට (20) දිනයේ සිට 27 දක්වා නිවසේ සිට රාජකාරි කිරිමට අදාළව නිවේදනයක් අද නිකුත් කළේය.
එහිදි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙවැන්නකි,
කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය සියලු පියවර ගෙන තිබේ.
එය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීම වළක්වා ගැනීම සඳහා ක්‍රියා කිරීම සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවල මෙන්ම මහජනතාවගේ වගකීමයි.
සියලු කරුණු සැලකිල්ලට ගෙන මාර්තු 20 , හෙට සිට 27 දක්වා කාලය රාජ්‍ය, පෞද්ගලික දෙඅංශය සඳහාම නිවසේ සිට වැඩකරන සතියක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇත.
මේ කාල සීමාව රජයේ නිවාඩු දින සේ නොසැලකේ. 2020-03-21 සහ 22 දින පමණක් සාමාන්‍ය රජයේ නිවාඩු ලෙස සලකනු ලැබේ.
මහජන සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ වගකීමයි. එහෙත් ජනතාව එක් රැස්වීම වැළැක්වීම සදහා ගනු ලබන පියවරක් වශයෙන් රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන ගෘහස්ත ක්‍රමවේදයක් අනුගමනය කරමින් මාර්තු 20 – 27 දක්වා සිය කාර්යාලයීය රාජකාරී ඉටු කිරීම අපේක්ෂා කෙරේ. ඉදිරියේ දී තෝරාගත් යම් රාජ්‍ය සේවා දුරස්ථ ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක කිරීමට මෙම අත්දැකීම් පාදක කර ගැනේ.
ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය සෞඛ්‍ය, පළාත් පාලන, ප්‍රවාහන, බැංකු, ආහාර, ජලය, විදුලිය ආදී සැපයුම් සේවා මෙන්ම පොහොර බෙදාහැරීම, වී මිලදී ගැනීම ඇතුළත්ව අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම අඛණ්ඩව සිදු කිරීමට බලධාරීන් පියවර ගත යුතුය.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කටයුතු ද අඛණ්ඩව පවත්වාගත යුතුය. දුරස්ථ ක්‍රම ක්‍රියාත්මක කිරීමේ දී ආදළ ආයතන ප්‍රධානීන් හැකිතාක්දුරට තම කාර්ය මණ්ඩලය කාර්යාලය වෙත කැඳවා ගැනීම හැකිතාක්දුරට සිමා කළ යුතුය. ඒ සඳහා විද්‍යුත් තැපෑල (e-mail) කෙටි පණිවිඩ ( SMS) දුරකථන ආදි තාක්ෂණික ක්‍රම සහ ලිපි ගොනු ගෙන්වා ගැනීම වැනි විකල්ප ක්‍රියාමාර්ග භාවිත කළ හැකිය.
මහජනතාව කාර්යාල වෙත රැස්වීම වැළැක්වීමටත්, මහජන සේවා නිසි පරිදි අඛණ්ඩව පවත්වාගෙන යමින් ගැටලු විසඳීමටත් තාක්ෂණ ක්‍රම භාවිත කළයුතුය. මේ සඳහා පෞද්ගලික දුරකථන භාවිත කිරීමේ දී අමතර වැය බරක් ඇත්නම් ඒ සඳහා රජය අවශ්‍ය සහන සපයනු ඇත.
මෙවැනි අවස්ථාවලදී රජයේ සියලුම නිලධාරීන් අඛණ්ඩව මහජන සේවා පවත්වා ගැනීමට නිසි ක්‍රමෝපාය අනුගමනය කරනු ඇතැයි රජය අපේක්ෂා කරයි.
කෙරෝනා වෛරසය වසංගතයක් ලෙස ව්‍යාප්තවීම වැළැක්වීම මුඛ්‍ය අරමුණ වේ. එබැවින් විවිධ ආයතන මගින් සපයනු ලබන සේවා එකින් එකට වෙනස් බැවින් සිය කාර්ය මණ්ඩල දැනුවත් කර කාර්ය මණ්ඩල සීමා කිරිම සඳහා තම ආයතනවල ලිඛිත ක්‍රමවේදයක් සකසා ගැනීම ද ආයතන ප්‍රධානීන්ගේ වගකීම වේ.
පෞද්ගලික අංශය ද ඉහත ක්‍රම අනුව සිය ව්‍යාපාර කළ යුතු බවට සියලු වාණිජ මණ්ඩලවලට උපදෙස් දී ඇත.