රට තුල වර්තමානයේ උද්ගතව ඇති COVID-19 වෛරස වසංගතය නිසා උගුර/කන/නාසය ආශ්රිත රෝගවලට ප්‍රතිකාර කිරීම්වලට ඇති වී ඇති බලපෑම පිළිබඳවත්, නිවසේ දී සිදුවන අනතුරුවලින් කුඩා දරුවන් ප්‍රවේශම් කර ගත යුතු ආකාරය පිළිබඳවත් ශ්‍රී ලංකා උගුර, කන, නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ඒ.ඩී.කේ.එන් යසවර්ධන මහතාගේ විසින් යොමු කළ එම නිවේදනය පහත පරිදි වේ.
"උගුර, කන, නාසය ආශ්රිත යම් රෝගයක් විනිශ්වයට එම රෝගීන්ගේ උගුර, කන, ස්වර තන්ත්ර පරීක්ෂාව සහ එන්ඩස්කොපි පරීක්ෂණ වලට යොමුවීම අවශය වන අතර, ඇතැම් ශෛල්යකර්මවලටද භාජනය කිරීමට සිදුවේ. මෙහිදී වෛරස් අසාදිත වුවන් තවමත් රෝග ලක්ෂණ පහල නොවූ රෝගීන්ගෙන් එම වෛරසය අසාදිත කෙල බිඳිති හෝ ශ්‍රාවයන් පහසුවෙන්ම සෞඛ්‍ය සේවකයන් වෙත සම්ප්‍රේෂණය වීමට හැකි බව විද්‍යාත්මකව පෙන්වා දී තිබේ.
මෙහි ඇති භයානකකම නම් සෞඛ්‍ය සේවකයන් රෝගීවුවොත් බොහෝ සෞඛ්‍ය සේවකයන්ට නියරෝධායනයට ලක්වීමට සිදුවීමෙන් අදාල වාට්ටු/ඒකක රෝහල් වුවද සම්පුර්ණයෙන් වසා දැමීමට සිදුවනු ඇත. මීට අමතරව එම
සෞඛ්‍ය සේවකයන්ගෙන් නිරෝගී මහජනතාවට ද එම රෝගය පැතිරීමට ඇති ඉඩකඩක් ඇත.
ඉහත කරුණු අධ්යයයන් සහ සැලකිල්ලට ගනිමින් ඉතාම හදිසි ප්‍රතිකාර හැර අනෙකුත් සියලු දෛනික පරීක්ෂණ කිරීම් සහ යොදා ඇති හදිසි නොවන ශෛල්‍ය කර්ම තාවකාලිකව කල් දැමීමට ඉඩ ඇති බව අප ඔබට දැන්වීමට කැමැත්තෙමු. ලොව පුරා ඇති අප වැනි සංගම් කිහිපයක් විසින්ම මෙවැනි පියවර සුදුසු බව නිර්දේශ කොට ඇත.
එනමුදු, ඔබට උගුර, කන, නාසය ආශ්රිත රෝග සම්බන්ධව කිසියම් ගැටලුවක් ඇත්නම් අදාල රෝහල් වල උගුර,කන, නාසය අංශය (හෝ වෛද්‍ය කාර්යමණ්ඩලය දුරකථනයන් අමතා ඒ ගැටලු බෝහෝමයක් නිරාකරණය කර ගත හැක.
යම් තත්ත්වය හමුවේ වගකීම් සහගත පුරවැසියන්/දෙමවුපියන් වශයෙන් ඔබට ද කළ හැකි විශාල කාර්යය භාරයක් ඇත. උදාහරණයන් ලෙස
ඔබ ආහර ගැනීයම්දී මස්/මලු ආහාරයට ගන්නේ නම් ඒවා තුල ඇති කටු ඉවත් කර
ඒවා උගුරේ හෝ ආහාර මාර්ගයේ නොරැදෙන ලෙස ප්‍රවේසමෙන් ආහාරයට ගත යුතුය.
විශේෂයෙන්ම කුඩා දරුවන්ට ආහාර කැවීමේදී වැඩිපුර ප්‍රවේසම් විය යුතුය.
එමෙන්ම ඔයේ කුඩා දරුවන් ගැන විශේෂයෙන්ම අවධානයෙන් සිටිය යුතුය. කුඩා
දරුවන් සමහර විට බාහිර ද්‍රව්‍ය වන කුඩා සෙල්ලම් බඩු වල කොටස්, ප්ලාස්ටික් පබලු,
කාසි, කොණ්ඩ කටු සහ ඇට වර්ග කන් වල, නාසයේ යහෝ කට තුලට දමා ගැනීමට
හෝ ගිලීමට හැකිය. එම නිසා දරුවන්ට සෙල්ලම් කිරීමට ඉහත ද්‍රව්‍ය නොදී සිටීමට වග
බල ගත යුතුය.
කුඩා රවුම් බැටරි වැනි දේවල් කිසිම විටක දරුවාට ගත හැකි ස්ථානවල නොතිබිය
යුතුය. මෙම කුඩා බැටරි දරුවාගේ ශරීරයට ඉතා අහිතකර අතර ශරීරයේ සියුම් පටක
ඉක්මනින් විනාශවේ.
අවුරුදු 3 ට අඩු දරුවන්ට ආහාර දීමේදී රටකජු හෝ එවැනි දරුවන්ට සැපීමට
අපහසු තද ද්‍රව්‍ය නොදිය යුතුය. මෙවැනි තද ද්‍රව්‍ය ඉතා පහසුවෙන් දරුවන්ගේ ශ්වසන
මාර්ගයට ඇතුල් වී ජීවිත අවදානම් තත්ත්වයට පත් විය හැක.
ඔබ කෘතීම දත් පළඳින්නේ නම් එය ඉතා ප්‍රවේශමෙන් කළ යුතුය. හදිසියේ එම දත්
ඇන්ද/කොටසක් ගිලීයාම වැලැක්වීමට ප්‍රවේශම් විය යුතුය.
කිසියම් විටකදී හෝ පුළුන් කූරු, ආය කටු වැනි දේවල්වලින් කන පිරිසිදු කිරීම
කිසිසේත්ම නොකළ යුතුය. මෙමඟින් කන අභ්‍යන්තරයට හානි පැමිණිය හැක.
දරුවන් සෙල්ලම් කිරීමේදී වැටීම, තුවාල වීම අවම කර ගැනීමට සැලකිලිමත්ව න්න.
හදිසි අනතුරු අවම කර ගැනීමට හැකි තරම් ප්‍රවේශම් විය යුතුය.
ඉහත හදිසි අනතුරු රෝගීන් රෝහලේදී පරීක්ෂා කිරීමේදී ප්‍රමාද වීම්වලට හා පෙර
අවදානම් ඇගයීම්වලට භාජනය වීමට සිදු වන බැවින් මෙවැනි අනතුරු වලක්වා ගැනීම
අතිශය වැදගත්ය.
ඉහත ක්‍රියාමාර්ග නිසා මහජනතාවට කිසියම් අපහසුතාවයක් වේ නම් අප ඒ ගැන ඉතා කනගාටුවට පත් වන අතර, සියලු ක්‍රියාමාර්ග ගනු ලබන්නේ ඔබගේත්, ඔබ පවුලේ සැමගේත්, සෞඛ්‍ය සේවකයන්ගේත්, සියලුම ශ්‍රී ලාංකිකයන්ගේත් ආරක්ෂාව සහ COVID-19 වෛරසය තවදුරටත් පැතිරීම වැලක්වීමේ අරමුණෙන් බව දන්වා සිටියි."