කොවිඩ් 19 වෛරසය අසාදනය වු රෝගින් තිදෙනෙක් අද දින තෙල්දෙණිය දිස්ත්‍රික් රෝහලේ නිරෝධාන මධ්‍යස්ථානය කරා යොමු කර එම තිදෙනාගේ පවුලේ සමාජිකයන් 18 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කල බව නාවලපිටිය උලපනේ මහජන සෞඛ්‍ය පරික්ෂක බි.එච්.ඩි.අමරසේකර මහතා පැවසිය.
නාවලපිටිය උලපනේ උඩගම ප්‍රදේශයේ පදිංචි රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුවේ කාර්යාල සහයෙකු වශයෙන් සේවය කරන අයෙකු සහ ගම්පොල කුරුදුවත්ත කැල්පිටිය දොලොස්භාගේ ප්‍රදේශයේ පදිංචි මත්ස්‍ය වෙලදාමේ යෙදුණු දෙදෙනෙකුටයි මෙසේ කොවිඩ් 19 වෛසරය වැලදි ඇත්තේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුවේ කාර්යාල සහයකයා ඉකුත් 16 දින නිවාඩු ලබා නිවසට එන අතරතුර පැලියගොඩ මත්ස්‍ය වෙළදපොලින් මත්ස්‍යයින් ලබා ගැනිමට ගොස් ඇති අතර ,කොවිඩ් 19 වෛසරය අසාදිතයින් අනෙක් රෝගින් දෙදෙනා පැලියගොඩ මත්ස්‍ය වෙළදපොලින් මත්ස්‍යයින් මිලදිගෙන නාවලපිටිය , ගම්පොල සහ උලපනේ යන ප්‍රදේශ වල වෙළදාමේ යෙදුණු අය බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.