නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි සුපිරි වෙලද සංකිර්ණය ඉදිරිපිට තිබී නාදුනන පුද්ගල මළ සිරුරක් අද (18දා) දින සොයාගත් බව නාවලපිටිය පොලීසිය පැවසිය.
නාවලපිටිය සුපිරි වෙළඳ සංකිර්ණය ඉදිරිපිට අවු 60 පමණ වයසැති පුද්ගලයෙකු මියගොස් සිටින බවට නාවලපිටිය නගර සභාවේ සේවකයින් විසින් දැක ඒ පිළිබදව නාවලපිටිය පොලීසිය වෙත මුලින්ම දැනුම් දි ඇත.
සිරුර සම්බන්ධයෙන් නාවලපිටිය හදිසි මරණ පරික්ෂක මල්ලිකා හේවාවිතරණ මහත්මිය ස්ථාන පරික්ෂාවක් සිදු කර සිරුර පී.සී.ආර්. පරික්ෂණ වාර්තාවක් ලබා ගැනීම සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මුලික රෝහල වෙත යොමු කරන ලෙස නාවලපිටිය පොලීසියට උපදෙස් ලබාදෙනු ලැබීය.