විෂබිජහරණය සිදු කිරීමෙන් පසු නාවලපිටිය නගරයේ සියළුම වෙලදසැල් අද (18දා) දින උදැසන සිට විවෘත කර ඇති බව නාවලපිටිය නගර සභාව පවසයි.
නාවලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 21 දෙනෙකු පසුගිය සතිය තුළ හමුවීමත් සමග නාවලපිටිය නගරය විෂබීජහරණය කිරිම සදහා ඉකුත් 15 දින පස්වරුවේ සිට 18 දින අලුයම තෙක් තාවකාලිකව වසා දැමිමට නාවලපිටිය වෙලද සංගමය පියවර ගෙන තිබුණි.
කොවිඩ් 19 වෛරසය අසාදනය වු 21 දෙනා නාවලපිටිය නගරයේ වෙළඳසැල් වලට පිවිස ඇති බවට සෞඛ්‍ය අංශ විසින් තහවුරු කර ගැනිම නිසා එම වෙළඳසැල් තාවකාලිකව වසා දමා විෂබිජහරණයට ලක් කිරිමට වෙළද සංගමය පියර ගෙන තිබුණි.