විෂබිජහරණය සිදු කිරිමෙන් පසු නාවලපිටිය නගරයේ සියළුම වෙළදසැල් (18) දින උදැසන සිට විවෘත කර ඇති බව නාවලපිටිය නගර සභාව පවසයි.
නාවලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 21 දෙනෙකු පසුගිය සතිය තුල හමුවිමත් සමග නාවලපිටිය නගරය විෂබිජහරණය කිරිම සදහා ඉකුත් 15 දින පස්වරුවේ සිට 18 දින අලුයම තෙක් තාවකාලිකව වසා දැමිමට නාවලපිටිය වෙළද සංගමය පියවර ගෙන තිබුණි.
කොවිඩ් 19 වෛරසය අසාදනය වු 21 දෙනා නාවලපිටිය නගරයේ වෙළදසැල් වලට පිවිස ඇති බවට සෞඛ්‍ය අංශ විසින් තහවුරු කර ගැනිම නිසා එම වෙළදසැල් තාවකාලිකව වසා දමා වෙළදසැල් සහ පොදු ස්ථාන විෂබිජහරණයට ලක් කිරිමට වෙළදසංගමය පියර ගෙන තිබුණි.
නාවලපිටිය , පස්බාගේ කෝරලේ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යයාල නිලධාරින් සහ නාවලපිටිය නගර සභාවේ සෞඛ්‍ය අංශ , නාවලපිටිය පොලිසියේ නිලධාරින් එක්ව (18) දින නාවලපිටිය නගරයේ වෙළදසැල් සහ පොදු ස්ථාන විෂබිජහරණයට ලක් කලහ.
නාවලපිටිය නගරයට පැමිණෙන පාරිභෝගිකයන් නිරෝධායන උපදෙස් නිසි ලෙස පිලිපදිනවාද යන්න සොයා බලන බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ.