කොවිඩ් 19 වෛරසය අසාදනය වු පාසල් සිසුවියකගේ මවක් ළගම ආශ්‍රිතයෙකු විම නිසා නාවලපිටිය නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක් (21) දින සිට තාවකාලිකව වසා දමා එම බැංකු ශාඛාවේ සේවකයින් 18 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගත් බව පස්බාගේ කෝරළේ සෞඛය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක ලලිත් කොළමුන්න මහතා පැවසිය.
නාවලපිටිය නගරයේ කණිෂ්ඨ බාලිකා විද්‍යාලයේ 5 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවියකට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම සිසුවියන (21) දින මහනුවර පැණිදෙණිය නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර එම අසාදිත සිසුවිය අධ්‍යාපනය ලැබු එම විද්‍යාලයේ 5 වන ශ්‍රේණියේ සිසුවියන් 11 දෙනෙකු ඔහුන්ගේ නිවාස වලම ස්වයං නිරෝධානයට යොමු කර එම පන්ති කාමරය විෂබිජහරණය කර තාවකාලිකව වසා දැමිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කලහ.
එම බැංකු ශාඛාවේ කාර්ය මණ්ඩලය පි.සි.ආර් පරික්ෂණයකට යොමු කිරිමට නියමිතය.