නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් (15) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 16 දෙනෙකු හමුවිමත් සමග නාවලපිටිය නගරයේ සියලුම වෙළදසැල් (15) දින සිට (18) දින දක්වා වසා දැමු බව එම වෙළද සංගමයේ සභාපති කිත්සිරි කරුණාදාස මහතා පැවසිය.
කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 16 දෙනෙකුගෙන් අසාදිතයන් කිහිප දෙනෙකු නාවලපිටිය නගරයේ වෙළදසැල් කිහිපයකට පිවිස ඇති බවට සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරගෙන ඇති නිසා සෞඛ්‍ය අංශ උපදෙස් මත නාවලපිටිය නගරයේ වෙළදසැල් තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බවයි සභාපතිවරයා කියා සිටියේ.
වසා දමා ඇති නාවලපිටිය නගරයේ සියළුම වෙළදසැල් සහ පොදු ස්ථාන (17)දින සම්පුර්ණයෙන්ම විෂබිජහරණය කිරිමෙන් අනතුරුව (18) දින නාවලපිටිය නගරයේ සියළුම වෙළදසැල් විවෘත කරන බව ද නාවලපිටිය වෙළද සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටිහ.