කොවිඩ් 19 සැකකටයුතු මාතෘ රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙන්කර ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.
කොළඹ සොයිසා හා කාසල්වීදිය කාන්තා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය රොස්ටරයකට අනුව නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මාතෘ අංශයේ ප්‍රතිකාර අවශ්‍ය පරිදි ආරම්භ කරනු ඇත බවත් ඔහු පැවැසීය.
මිට අමතරව නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලද මේ වන විට කොවිඩ් 19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට සූදානම් කර ඇති බවද ඔහු පැවැසීය.
එහිදී සාමාන්‍ය ඇඳන් 100ක්, දැඩි සත්කාර ඇඳන් 30ක්, මාතෘ රෝගීන් සඳහා ඇඳන් 30ක්, මාතෘ රෝගී අධි දැඩි සත්කාර ඇඳන් 6ක් එහි සූදානම් කර ඇති බවද අධ්යක්ෂ ජනරාල්වරයා පැවැසීය.
කුඩා ළමුන් හා ළදරුවන් සඳහාද එහි පහසුකම් ඇති බව අධ්යක්ෂ ජනරාල්වරයා පැවැසීය.
එසේම කොතලාවල ආරක්ෂ විශ්වවිද්‍යාල රෝහලේ දැඩි සත්කාර ඇදන් 30ක් පඹන මේ සඳහා වෙන්කර ඇති බවත් ඔහු පැවැසීය.
කොවිඩ් 19 රෝගීන් ව්‍යාප්තවී ඇති ආකාරය - මෙහි එක් තිතකින් එක් රෝගියෙක් පෙන්වන අතර තිත් ගොඩක් එක තැන ඇත්තේ නිරෝධාන මධ්‍යස්ථාන තුළින් වාර්තා වූ රෝගීන් වෙනුවෙන්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් උතුරට හා දකුණට රෝගීන් වාර්තා වී තිබේ.