නුවරඑළිය මහ නගර සභා සිමාවෙන් ඊයේ (15දා) වැඩිම කොවිඩ් 19 වෛරසය අසාදනය වූ අසාදිතයන් පිරිසක් වාර්තා වු බවත් , එම පිරිස 173 ක් බවත් නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින් කියා සිටියේය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේන් අසාදිතයන් 288ක් වාර්තා වු අතර, එම අසාදිතයන් වලපනේ, හගුරන්කෙත, කොත්මලේ, අඹගමුව සහ නුවරඑලිය ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.
දින තුනක් දිවයින පුරා සංචරණ සිමා පැනවීමෙන් පසු (17) දින අලුයම 4 සිට එම සංචරණ සිමා ඉවත් කරන නිසා නුවරඑලිය නගරයේ පොදු ස්ථාන විෂබිජහරණය කිරිමේ කටයුතු නුවරඑලිය මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින් විසින් (16) දින සිදු කරනු ලැබීය.