ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
මෙවර අපේ‍්‍රල් අවුරුදු වසන්තය වෙනුවෙන් නුවරඑළියට පැමිණෙන ජනතාවට පහසුකම් රැසක් ලබා දීම සඳහා නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මඟින් වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාවට නංවා ඇත.
නුවරඑළිය මහනගර සභාවේ ද සහයෝගය මෙම වැඩසටහන් ක්‍රියාවට නැංවීම සඳහා හිමිවී තිබේ. නුවරඑළිය ”ග්‍රෙගරි උද්‍යානය” සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කෙරෙන්නේ දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණයට දිනාගත හැකි වන ආකාරයෙනි. ග්‍රෙගරි වැව වටේ ඇවිදින මංතීරුව, ව්‍යායාම් කරන ස්ථාන, බෝට්ටු පදින ස්ථාන, අශ්වයින් පිට යන ස්ථාන,Sea Plain ගොඩබෑම යන ස්ථාන නිසි පරිදි නඩත්තු කිරීම හා ඒවාට නව උපාංග එක්කොට සංවර්ධනය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදු කරනු ලබයි. ග්‍රෙගරි වැව අදියර 5 ක් යටතේ සංවර්ධනය කෙරෙන අතර අදියර 4 ක වැඩ කටයුතු මේ වන විට අවසන්කොට ඇති අතර 5 වැනි අදියරේ වැඩ කටයුතු ළඟදීම ආරම්භ කිරීමට නියමිතයි. ග්‍රෙගරි වැව හා ඒ අවට සංවේදී පරිසර කලාපයන් හේතුවෙන් පරිසරය ආරක්ෂා වන ආකාරයට මෙම සංවර්ධන කටයුතු සිදු කිරීම තවත් විශේෂයකි. පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට සනීපාරක්ෂක පහසුකම්, ආහාර පාන ලබා ගැනීම සඳහා කුඩා ඉදිකිරීම් ප්‍රමාණයන් සිදු කරනු ලබන්නේ පරිසරයට ගැටළුවක් ඇතිනොවන ආකාරයටයි. දැව භාවිතා කරමින් මෙම පහසුකම් ලබාදීමට අවශ්‍ය ඉදිකිරීම් සිදු කරනු ලබයි. ඇවිදින මංතීරු සඳහා තාර භාවිතා නොකරන අතර කොන්ක්‍රීට් ද භාවිතා කර තිබෙන්නේ ඉතාමත් අඩුවෙනි. ඇවිදින මංතීරු සඳහා වැඩිපුර යොදා ගෙන තිබෙන්නේ වැලි සහ ගල් වර්ගය. දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් අපේ‍්‍රල් මාසයේ දී නුවරඑළියට පැමිණෙන නිසා ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා නුවරඑළිය මහා නගර සභාව හා නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි. තාවකාලික අවන්හල් ඉදිකිරිමේ දී පොලිතින් භාවිතය අවම කොට ලෑලි වර්ග, යකඩ තහඩු යොදා එම ඉදිකිරීම් සිදු කරනු ලබන්නේ පරිසරයට ගැටළුවක් ඇතිනොවන ආකාරයටය.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
PNI Tuesday, 03 March 2020 09:51 PM
Chandayak thiyana welawe mona sancharakayoda?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd