වතු කම්කරු ජනතාවට ප්රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ අරමුණෙන් වතු රෝහල් අදියර කීපයක් යටතේ මධ්‍යම රජය යටතට ගැනීමට සෞඛ්‍ය සහ මානව සුබසාධනය, සමාජ සවිබල ගැන්වීම පිලිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව ඇත.
ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ තෝරා ගත් කොට්ඨාසයක ප්‍රාදේශීය වතු රෝහල් කිහිපයක් පළමු අදියර යටතේ මධ්‍යම රජය යටතට ලබා ගැනීමට නියමිතය. මේ බව අනාවරණ වූයේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ දිදුල ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරීන් සහ වතු වෛද්‍ය සහායකයින් සමග සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ පරිශ්‍රයේ පැවැත්වූ සාකච්ඡාවකදීයි.
මෙරට වතු රෝහල් සියල්ල වසර 5ක් තුළ සියලු සෞඛ්‍ය පහසුකම් සහිත රෝහල් ලෙස සංවර්ධනය කිරීම තම අරමුණ බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
වතුකරයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් වෙත නිවාස ලබා දීමටද මෙහිදී යෝජනා විය. ඒ අනුව වතුකරයේ අලුතින් ඉදිවන සෑම නිවාස ඒකක සමූහයකම, පවුල් සෞඛ්‍ය නිලධාරිනියක් සඳහා නිල නිවාසයක් ඉදිකිරීමට නියමිතය.