නුවරඑලිය නානුඔය රදැල්ල ක්‍රිඩාංගණයට යාබදව හරිතාගාරවල පවත්වාගෙන යන ස්ට්‍රොබෙරි වගා ගොවිපලක නිලධාරින් සහ සේවකයින් 10 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බව ලිදුලි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා පැවසිය.
එම ගොවිපොලේ කලමණාකරවරයා ඇතුළු තවත් නිලධාරියෙකුට ප්‍රථමයෙන් කොවිඩ් වෛරසය අසාදනය විම නිසා එම ගොවිපලේ සේවය කරන සෙසු නිලධාරින් සහ සේවකයින් 72 දෙනෙකුගෙන් (05) දින සිදු කල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවේදි එහි සේවකයින් 08 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.
අසාදිතයන් 10 දෙනාගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කල බවත්,සෙසු සේවකයන් එක් කර ගනිමින් ස්ට්‍රොබෙරි වගා ගොවිපලේ වැඩකටයුතු සිදු කරගෙන යන ලෙසට පාලන අධිකාරියට දැනුම් දුන් බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසිය.