නුවරඑළිය දිස්ත්‍රික්කයේ සේවය කරනු ලබන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට යතුරුපැදි ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
වතු ආශ්‍රීත ප්‍රදේශයන්වල කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඉතාමත් දුෂ්කර රාජකාරි කටයුතුවල නිරතව සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ රාජකාරි කටයුතු පහසුවෙන් සිදු කර ගෙන යාමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.
මෙම වැඩසටහන යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් හට යතුරු පැදි 33ක් ලබා දෙන ලදි.
නුවරඑළිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ඉමේෂ් ප්රතාප්මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාර්යාල පරිශ්‍රයේදී යතුරුපැදි බෙදාදීම සිදු කෙරිණි.