නුවරඑළිය මහ රෝහල විවෘත කිරීම ඉදිරි දෙමසේදී
නුවරඑළිය නව මහ රෝහල ඉදිරි දෙමස තුළ විවෘත කරන බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
නෙදර්ලන්තයේ EN ව්‍යාපෘතිය යටතේ යුරෝ මිලියන 39.6 ක මුදලක් වැය කරමින් නුවරඑළිය නව මහ රෝහල ඉදිකරන ලදි.
මෙම රෝහල විවෘත නොකිරීම පිළිබදව මාධ්‍යයේ පළවූ වාර්තා කෙරෙහි අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ නුවරඑළිය නව මහ රෝහලේ වෛද්‍ය උපකරණ සවිකිරීම මේ වන විට ආරම්භ කර ඇති බවයි.
කොන්ත්‍රාත් සමාගමෙන් ප්‍රධාන ගොඩනැගිල්ල සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර ගැනීම ද ඉදිරි දින වල දී සිදු කිරීමට නියමිතය.
මේ වනවිට නව මහ රෝහලේ බාහිර රෝගී අංශය සහ සායන ක්‍රියාත්මක වන්නේ පැරණි මහ රෝහලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසයි.
නුවරඑළිය මහ රෝහල ඉදිකිරීම ආරම්භ වූයේ පසුගිය රජය සමයේ වුවත් එහි සිදු වී ඇතැයි කියන වංචා හා දුෂණ හේතුවෙන් ඉදිකිරිම් කටයුතු සහ වෛද්‍ය උපකරණ ගෙන්වීම ප්‍රමාද වූ බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. මෙම රෝහලට සමගාමීව ඉදිකරන ලද විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය සහ හෙද නිල නිවාස සංකීර්ණ මේ වන විට විවෘත කර ඇත.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
