නුවරඑළිය දිස්ත්‍රික්කය තුල කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයන් 125කු අද (29) වනවිට වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
මෙම පිරිසෙන් 56කු කොළඹ මහනගර සභා පොකුරෙන්ද, 52 කු පෑලියගොඩ පොකුරෙන්ද, අට දෙනෙකු මිනුවන්ගොඩ පොකුරෙන්ද, එක් අයෙකු නැව් තටාංගණයට සම්බන්ධ පොකුරේ අයෙකු බවත් තවත් අට දෙනෙකු කොටගල, අඹගමුව හා බගවන්තලාව ප්‍රදේශවල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් බව ඔවුහු කියති.
කොටගල, බගවන්තලාව, ගිනිගත්හේන, මස්කෙළිය, හැටන්, තලවකැලේ, ආගරපතන, ඩයගම, පුඬළුඔය, දිඹුල- පතන ආදී වතුකරය ආශ්රිත ප්‍රදේශවලින් බහුතර කොවිඩ් ආසාදිතයන් හමුව ඇති බවත් සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
නුවරඑළිය දිස්ත්‍රික්කය තුල මේවනවිට පුද්ගලයන් 3205 කු පී. සී. ආර්. පරීක්ෂාවට ලක් කොට ඇති බවත්, තවත් පුද්ගලයන් 3601 කු නිරෝධායනයට යොමු කොට ඇති බවත් සෞඛ්‍ය අංශ තොරතුරුවලින් අනාවරණය වී තිබේ.
මීට අමතරව කොවිඩ් අවදානම් සහිත ප්‍රදේශවල සිට නුවරඑළිය දිස්ත්‍රික්කයට පැමිණෙන පුද්ගලයන් ගිනිගත්හේන, කලුගල හා කොත්මලේ, හෙල්බොඬ යන ආරක්ෂක මුර කපොලුවලදී සෞඛ්‍ය අංශ නිලධාරීන් විසින් එම ස්ථානයේදීම පී. සී. ආර්. පරීක්ෂාවට ලක් කරන බවත් එසේ පී. සී. ආර්. පරීක්ෂාවට ලක් කරන ලද පුද්ගලයන් කීප දෙනෙකුටම කොවිඩ් ආසාදිතව ඇති බවට හඳුනා ගැනීමට හැකි වු බවද සෞඛ්‍ය අංශ නිලධාරීහු වැඩිදුරටත් පවසති.
ශාන් හුලංනුගේ