නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ගතවු පැය 24ක කාලය තුලදි නව කොවිඩ් ආසාදිතයන් 97 දෙනකු හදුනා ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිත ගණන 7799 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසුගිය දිනවලදි ගන්නා ලද පි. සි. ආර්. හා රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවලදි මෙම ආසාදිතයන් හමුව ඇති බවත් මෙම ආසාදිතයන් අඹගමුව, මස්කෙළිය, නුවරඑළිය, රාගල, යන සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් හමුව ඇති බවත්ය.
මෙසේ හමුවු නව ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා පරික්ෂන ආරම්භ කිරිමට පියවර ගන්නා බවත් එසේ සොයා ගන්නා ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් කොවිඩ් ආසාදනය විමෙන් මෙම දිස්ත්‍රික්කයෙන් සමස්ථ මරණ සංඛ්‍යාව 138ක් වන බවද එම නිලධාරියා තවදුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා