නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් වෛරසය ආසාදිත වු රොගීන් සංඛ්‍යාව ඊයේ (03) දින පස්වරුව වනවිට 4602 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස අනුව අඹගමුව 853, බගවන්තලාව 586, හඟුරන්කෙත 372, කොටගල 247, කොත්මලේ 366, ලිඳුල 319, මස්කෙළිය 174, මතුරට 120 කු, නුවරඑළිය නගර සභා සීමාවේ 335, නව තිස්පනේ 325, නුවරඑළිය 347, රාගල 277 හා වලපනේ 281 වශයෙන් මෙසේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් වෛරසය ආසාදිතයන් හමුව ඇතැයි එම නිලධාරීහු පවසති.
නුවරඑළිය දිස්ත්‍රික්කය තුලින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 71 ක් දක්වා ඉහල ගොස් ඇතැයිද සෞඛ්‍ය අංශ සඳහන් කරති.
ශාන් හුලංනුගේ