නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඊයේ සවස් වන විට අලුතින් කොවිඩ් ආසාදිතයන් 117 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 4283 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
මෙම ආසාදිතයන් අඹගමුව, ලිදුල, බගවන්තලාව, හගුරන්කෙත, නුවරඑළිය යන සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් හමුව ඇති බවත් මෙම ආසාදිතයන් අතරින් ආසාදිතයන් 2366 දෙනකුම මැයි මස 01වන දින සිට 31වන දින දක්වා කාලය තුලදි හමුව ඇති බවද එම නිලධාරියා පවසන ලදි.
මෙසේ අලුතින් හමුවු ආසාදිතයන්ගේ ලගම ආශ්‍රිතයන් ලෙස 220ක පමන පිරිසක් හදුනා ගෙන ඇති බවත් එම පිරිස සොයා ඔවුන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් මේ වන විට මෙම දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිත මරණ 49 දක්වා ඉහල ගොස් ඇති බවද එම නිලධාරියා තවදුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා