නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 25 වන දින අලුතින් කොවිඩ් ආසාදිතයන් 93 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 3481 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් කරුණු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ආසාදිතයන් අතරින් ආසාදිතයන් 1684 දෙනකුම මැයි මස 01වන දිනෙන් පසුව හමුව ඇති බවත්ය.
මෙම ආසාදිතයන් මස්කෙළිය, අඹගමුව, කොටගල, නුවරඑළිය, ලිදුල යන සෞඛ්‍ය බල ප්‍රදේශවලින් හමුව ඇති බවත් මෙසේ හමුවු ආසාදිතයන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගෙන ඇති බවත්ය.
මෙසේ අලුතින් හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිත මරණ 40 වන බවද එම නිලධාරියා තවදුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා