නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින අධික වර්ෂාව හා දැඩි සුළං තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකෝන් මහතා පැවැසීය.
කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ නිවේදනයන්ට අනුව නිරිතදිග මෝසම් වර්ෂාව සක්‍රීය වී ඇති බවත් ඒ අනුව ලබන 28 දින දක්වා නුවරඑළිය දිස්ත්‍රික්කයට අධික වර්ෂාවත් සමග දැඩි සුළං හා අකුණු ඇතිවීමේ තත්ත්වයක් පවතින බවද ඒ මහතා කීය.
ඒ අනුව දැනට අවධානම් කලාප ලෙස නම් කොට ඇති ප්රදේශයන්ගේ ජීවත්වන ජනතාව විශේෂයෙන්ම කාලගුණ නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් සිට ආරක්ෂාකාරී විය යුතු බවද ඒ මහතා කීය.
ඊට අමතරව මෙම තත්ත්වය මත දිස්ත්‍රික්කයේ මාර්ගවලට පස් කඳු, ගල් හා ගස් පෙරළීමේ මෙන්ම බොහෝ ප්‍රදේශවල නිරන්තරයෙන් දැඩි මීදුම් තත්ත්වයන් ඇති වීමේ අවධානමක්ද පැවැතිය හැකි බැවින් මාර්ගවල රථ වාහන ධාවනය කිරීමේදී රියදුන් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව රිය ධාවනය කල යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ශාන් හුලංනුගේ