කොවිඩ් දෙවන රැල්ලේ ආරම්භයේ සිට අද (01 ) දා වනවිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් වෛරසය ආසාදිත රොගීන් සංඛ්‍යාව 559 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
මෙම රෝගීන්ගෙන් වැඩිම පිරිසක් වාර්තාවී ඇත්තේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් බවත් එම පිරිස 227 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම නිලධාරීහු කියති.
අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් වටවල ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවකයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් අතරින් කොවිඩ් රෝගීන් විශාල වශයෙන් හමුවෙමින් පවතින බවද සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ හමුව ඇති කොවිඩ් රෝගීන්ගෙන් බහුතර පිරිස කොළඹ ප්‍රදේශයේ විවිධ රැකියාවන්ගේ නිරතව සිට දිස්ත්‍රික්කයට පැමිණි පුද්ගලයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් බවද සෞඛ්‍ය අංශ සඳහන් කරති.
ශාන් හුලංනුගේ