නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 28 වන දින අලුතින් කොවිඩ් ආසාදිතයන් එකසිය හැට දෙදෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 3897 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දින කිපයක් තුලදි ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂණ වාර්ථා මත මෙම කොවිඩ් ආසාදිතයන් හමුව ඇති බවත්ය.මෙසේ අලුතින් හමුවු කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයට ලක්කර ඔවුන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිත මරණ 45ක් බවද එම නිලධාරියා තවදුරටත් පවසන ලදි.
චන්ද්‍ර සේල්ලහේවා