නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පසුගිය පැය 24 කාලය තුලදි අලුතින් කොවිඩ් ආසාදිතයන් 60 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 7403 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ආසාදිතයන් අතරින් ආසාදිතයන් 3315 දෙනකුම ජුනි මාසය තුලදි වාර්ථාවි ඇති බවත්ය.
එමෙන්ම මේ වන විට මෙම දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 134ක් වන බවත් එයින් කොවිඩ් ආසාදිත මරණ 88ක්ම ජුනී මාසය තුලදි වාර්ථාවි ඇති බවද එම නිනිලධාරියා පවසන ලදි.
මෙසේ අලුතින් හමුවු නව ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයට ලක් කර ඔවුන්ට පි. සි. ආර්. පරික්ෂන සිදු කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා