කොවිඩ් දෙවන රැල්ලේ ආරම්භයේ සිට අද (15) දින හදුනා ගනු ලැබු නව කොවිඩ් රෝගීන් හය දෙනාත් සමඟ මේ වනවිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් වෛරසය ආසාදිත රොගීන් සංඛ්‍යාව 311 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
මෙම රෝගීන්ගෙන් වැඩිම පිරිසක් වාර්තාවී ඇත්තේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් බවත් එම පිරිස 124 කු බව එම නිලධාරීහු කියති.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු කොටස් හතරකට මේ වනවිට දැඩි සංචරණ සීමා පනවා ඇති බවත් අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගිනිගත්හේන බ්ලැක්වෝටර්, වැලිඔය දඬුකැලේ, බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ බොගවානා වතුයායේ ලීන්ස්ටන් කොටස හා ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ආගරපතන තෝන්ෆීල්ඩ් යන වතු කොටස්වලට මෙසේ සංචාරණ සීමා පනවා ඇති බවද සෞඛ්‍ය අංශ නිලධාරීහු කියති.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ හමුව ඇති කොවිඩ් රෝගීන්ගෙන් බහුතර පිරිස කොළඹ ප්‍රදේශයේ විවිධ රැකියාවන්ගේ නිරතව සිට දිස්ත්‍රික්කයට පැමිණි පුද්ගලයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් බවද සෞඛ්‍ය අංශ සඳහන් කරති.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් දෙදෙනෙකු හා ගුරුවරුවරයෙකුටද මේ වනවිට කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කොට ඇතැයි ඔවුහු පවසති.
ශාන් හුලංනුගේ