නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් වෛරසය ආසාදිත වු රොගීන් සංඛ්‍යාව 708 ක් දක්වා අද (19) දිනය වනවිට ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් වෛරසය ආසාදිත නව රෝගීන් අට දෙනෙකු අද (19) දින වාර්තා වී ඇති බවද සෞඛ්‍ය අංශ නිලධාරීහු සඳහන් කරති.
දැනට නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම කොවිඩ් රෝගීන් පිරිසක් වාර්තාවී ඇත්තේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් බවත් එම පිරිස 271 ක් බවද එම නිලධාරීහු කියති.
නුවරඑළිය දිස්ත්‍රික්කය තුලින් මේ දක්වා කොවිඩ් මරණ දෙකක්ද වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරති.
ශාන් හුලංනුගේ