නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අදදින අලුතින් කොවිඩ් ආසාදිතයන් 74 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිත ගණන හයදාහාස් පන්සියේ සිමාවද ඉක්මවා ගොස් 6533ක් වන බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසුගිය දිනවල ගන්නා ලද අහාඹු හා කොවිඩ් ආසාදිතයන්ගේ පලමු පෙළ ආශ්‍රිතයන්ගේ පි. සි. ආර්. වාර්ථාවල කොටසක් 25වන දින ලැබිමත් සමග මෙම නව ආසාදිතයන් හමුවු බවත්ය.
මෙම ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් අඹගමුව, බගවන්තලාව, නුවරඑළිය, කොත්මලේ සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවල වතු ආශ්‍රිතව හමුව ඇති බවත් එම තත්වයන් මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු කරය තුල කොවිඩ් ආසාදිතයන් වැඩි විමේ අවදානමක් පවතින බවද ඔහු පවසන ලදි.
මෙසේ අලුතින් හදුනා ගන්නා ලද ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයට ලක් කර ඔවුන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිත සමස්ථ මරණ සංඛ්‍යාව 102ක් වන බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා