නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වැඩිම කොවිඩ් ආසාදිතයන් ගණන ලෙස ආසාදිතයන් 210ක් ඊයේ දින සවස් වන විට අලුතින් වාර්ථාවි ඇති බවත් එම තත්වයන් මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 3500 සිමාවද ඉක්මා ගොස් ආසාදිතයන් 3735 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ආසාදිතයන් අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ 25ක්, බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 28ක්, හගුරන්කෙත සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 18ක්, කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 04ක්, කොත්මලේ සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 25ක්, ලිදුල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 01ක්, මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 01ක්, නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශයෙන් 71ක්, නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 01ක්, රාගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 32ක්, වලපනේ සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 04ක්, වශයෙන් වාර්ථාවි ඇති බවත්ය.
පසුගිය දින කිපයක් තුලදි ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂණ වාර්ථා මත මෙම ආසාදිතයන් මෙසේ වාර්ථාවි ඇති බවත් මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් සමස්ත කොවිඩ් ආසාදිත මරණ 43ක් දක්වා ඉහල ගොස් ඇති බවද එම නිලධාරියා පවසන ලදි.
මෙසේ අලුතින් හදුනා ගැනුන ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් එම නිලධාරියා තවදුරටත් පවසන ලදි.
චන්ද්‍ර සේල්ලහේවා