නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පසුගිය පැය 24ක කාලය තුලදි නව කොවිඩ් ආසාදිතයන් 77 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් ගණන 7876 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
පසුගිය දිනවලදි ගන්නා ලද පි. සි. ආර්. හා රැපිඩ් ඇන්ටිජන් පරික්ෂන වාර්ථා මත මෙම නව ආසාදිතයන් සොයා ගෙන ඇති බවත් මෙම නව ආසාදිතයන් කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට පියවර ගන්නා බවත් එම නිලධාරියා පවසන ලදි.
මෙසේ අලුතින් හදුනා ගන්නා ලද ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා පරික්ෂන ආරම්භ කර එසේ සොයා ගන්නා ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් මේ වන විට මෙම දිස්ත්‍රික්කයෙන් සමස්ථ කොවිඩ් මරණ 138ක් වාර්ථාවි ඇති බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා