නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පසුගිය පැය 24ක කාලය තුලදි අලුතින් කොවිඩ් 19 ආසාදිතයන් 97 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 7500 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසුගිය දිනවලදි ගන්නා ලද පි. සි. ආර්. වාර්ථාවල කොටසක් ලැබිමත් සමග මෙම නව ආසාදිතයන් හමුව ඇති බවත් මෙම නව ආසාදිතයන් බගවන්තලාව, මස්කෙළිය, අඹගමුව, නුවරඑළිය, රාගල, කොත්මලේ, වැනි සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් හමුව ඇති බවද පවසන ලදි.
මෙසේ අලුතින් හමුවු එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයට ලක් කර ඔවුන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා