නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අද වන විට අලුතින් කොවිඩ් 19 ආසාදිතයන් 152ක් හමුව ඇති බවත් එම තත්වයන් මත මෙම දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයන් ගණන 4435 දක්වා ඉහල ගොස් ඇති බවත් සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 53ක් බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් කරුණු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 21ක්, බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 31ක්, කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 01ක්, කොත්මලේ සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 27ක්, ලිදුල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 01ක්, මතුරට සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 05ක්, නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 05ක්, රාගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 60ක්, වලපනේ සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 01ක් වශයෙන් ආසාදිතයන් හමුව ඇති බවත්ය.
මෙසේ අලුතින් හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා මේ වන විට පරික්ෂන ආරම්භ කර ඇති බවත් එම ආශ්‍රිතයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.