නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 22වන දින උදැසන විට අලුතින් කොවිඩ් ආසාදිතයන් 164 දෙනකු වාර්ථා විමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 3174 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව,කොත්මලේ, කොටගල, ලිදුල, නුවරඑළිය, රාගල, වලපනේ, යන සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් මෙම නව ආසාදිතයන් හමුව ඇති බවත්ය.
පසුගිය දින කිපයක් තුලදි ගන්නා ලද පි. සි. ආර්. වාර්ථා මත මෙම ආසාදිතයන් වාර්ථාවි ඇති බවත් මෙසේ අලුතින් හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා ඔවුන් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත්ය.
එමෙන්ම මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 35 දක්වා ඉහල ගොස් ඇති බවද එම නිලධාරියා තවදුරටත් පවසන ලදි.