නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 16 වන දින ලැබුන පි. සි. ආර්. වාර්ථා මත අලුතින් කොවිඩ් ආසාදිතයන් 288 දෙනකු වාර්ථා විමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ අලුත් අවුරුදු කොවිඩ් පොකුර දහස ඉක්මවා ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් දිනකට වාර්ථාවු වැඩිම ආසාදිතයන් ගණන මෙය බවත් එයින්ද වැඩිම ආසාදිතයන් පිරිසක් නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් වාර්ථාවි ඇති අතර මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිතවන් ගණන 2679 දක්වා ඉහල ගොස් ඇති බවත්ය.
මෙසේ මෙම දිස්ත්‍රික්කයෙන් දෛනිකව වැඩිම පිරිසක් වාර්ථාවුවද පසු ගිය දින කිපයක ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂනවල වාර්ථා පමා විම් මත මෙම ආසාදිතයන් ගණන මෙසේ ඉහල ගොස් ඇති බවද ඔහු පවසන ලදි.
කෙසේ වුවද මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කය තුල වාර්ථා වන කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය ක්‍රමයෙන් ඉහල යන බවත් මෙසේ හමුවු ආසාදිතයන් 2679 යෙන් ආසාදිතයන් 1061 දෙනකුම අප්‍රේල් මස 22වන දිනෙන් පසුව අලුත් අවුරුදු පොකුරින් වාර්ථාවු ආසාදිතයන් බවත් මේ වන විට මෙම දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිත සමස්ත මරණ 25ක් වාර්ථාවි ඇති බවත් මෙසේ හමුවු අලුත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස්ද ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තවදුරටත් පවසන ලදි.