නුවරඑළිය දිස්ත්‍රික්කය තුලින් පසුගිය පැය 24 කාලය තුලදි අලුතින් කොවිඩ් ආසාදිතයන් 153 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 6459 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසුගිය දිනවලදි අහඹු හා කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසු ලැබුන වාර්ථා මත මෙම නව කොවිඩ් ආසාදිතයන් සොයා ගැනිමට හැකිවු බවත්ය.
මෙම ආසාදිතයන් ගිනිගත්හේන, කඩවල, හැටන්, කොටගල, ලිදුල, වලපනේ, රාගල, නුවරඑළිය, බගවන්තලාව, වටවල, වැනි මහජන සෞඛ්‍ය පරික්ෂක බල ප්‍රදේශවලින් හමුව ඇති බවද එම නිලධාරියා පවසන ලදි.
මෙසේ අලුතින් හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිත මරණ 102 වන බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.
චන්ද්‍ර සේල්ලහේවා