නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 91 දෙනකු අලුතින් 20වන දින උදැසන වන විට වාර්ථා විමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගනන 2949 දක්වා ඉහළ ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම කොවිඩ් ආසාදිතයන් 2949 අතරින් ආසාදිතයන් 1331 දෙනකුම අප්‍රේල් මස 22වන දිනෙන් පසුව හමුව ඇති බවත්ය.
මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් වසංගත තත්වය පැතිර යාමේ අවදානම වර්ධනයවි ඇති බවත් මේ වන විට මෙම දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිත සමස්ත මරණ ගණන 32ක් වන බවද එම නිලධාරියා පවසන ලදි.
මෙසේ අලුතින් හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා ඔවුන් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තවදුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා