නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු සවාරි සේවාව යලි සංචාරකයන් සඳහා ආරම්භ කිරීමට පියවර ගත් බව නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා පැවැසීය.
කොරෝනා දෙවන රැල්ල ආරම්භවීමත් සමඟ නවතා දමා තිබු නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු සවාරි සේවාව ඊයේ (17) සිට මෙසේ නිසි පරිදි කොවිඩ් සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කරමින් යලි ආරම්භ කිරීමට පියවර ගත් බවද ඒ මහතා කීය.
බෝට්ටු හිමියන්ට හා බොට්ටු සවාරි සේවයේ යෙදී සිටින සේවකයන්ට කොරෝනා මර්දන ක්‍රමවේදයන්ට අනුව නිසි පරිදි සෞඛ්‍ය කටයුතු අනුගමනය කරන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමද මෙහෙදී සිදු කෙරිණි.
කොරෝනා ව්‍යාප්තියත් සමඟ නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු සවාරි සේවාව නවතා දැමීම හේතුවෙන් එම වෘත්තියේ නියලී සිටි විශාල පිරිසක් දැඩි ආර්ථික දුෂ්කරතාවලට ලක්ව සිටියහ.
නුවරඑළිය මහා නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ග්‍රෙගරි වැවේ බෝට්ටු සවාරි සේවාව ආරම්භ කරන ලද අතර, එම අවස්ථාවට නුවරඑළිය නාගරික කොමසාරිස් සුජීවා බෝධිමාන්න මහත්මිය හා සෞඛ්‍ය අංශ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, බෝට්ටු හිමිකරුවන්, බෝට්ටු සේවකයන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.
ශාන් හුලංනුගේ