නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 23 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
12වන දින උදැසන ලැබුන අලුත්ම වාර්ථා මත මෙම මරණ සංඛ්‍යාව මෙසේ ඉහල ගොස් ඇති බවත් 12වන දින උදැසන වන විට තවත් කොවිඩ් ආසාදිතයන් 91 දෙනකු වාර්ථාවි ඇති බවත් එයින් වැඩිම පිරිස වන ආසාදිතයන් 75 දෙනකු කොත්මලේ සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන්ද,බගවන්තලාව 02ක්, හගුරන්කෙත 01ක්, ලිදුල 02ක්, මස්කෙළිය 01ක්, නුවරඑළිය 08ක්, රාගල 01ක්, වලපනේ 01ක්, වශයෙන් වාර්ථාවි ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් පවසන ලදි.
මෙසේ හමුවු නව ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයට ලක් කර ඔවුන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පසු ගිය දිනවල ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂනවල වාර්ථා ලැබිමට තිබෙන බවද එම නිලධාරියා තවදුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා