නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් පස් දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 866 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.
මේ පිළිබදව වැඩිදුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ 25වන දින සවස් වන විට ලැබුන පි. සි. ආර්. වාර්ථාවන් මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ නව කොවිඩ් ආසාදිතයන් පස් දෙනකු හමුව ඇති බවත්ය.
එම තත්වයන් මත නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොවිඩ් ආසාදිතයන් 866 දෙනකු හමුව ඇති බවත් එයින් වැඩිම පිරිසක් හමුව ඇත්තේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් බවත්ය.
අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් හමුවු කොවිඩ් ආසාදිතයන්ගෙන්ද වැඩි පිරිසක් වතු ආශ්‍රිතව හමුව ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොවිඩ් මරණ දෙකක් වාර්ථාවි ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා හැටන්