නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් හා දික්ඔය ප්‍රදේශවලින් 21වන දින හමුවු කොවිඩ් ආසාදිතයන් 04 දෙනා සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 1618 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් කරුණු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ 21වන දින හැටන් ප්‍රදේශයෙන් හෙදියක් හා ඇයගේ පාසල් යන පුතුන් දෙදෙනකු හා තවත් අයකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගෙන ඇති බවත් එම තත්වයන් මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 1618 දක්වා ඉහල ගොස් ඇති බවත්ය.
මෙසේ අලුතින් හදුනා ගත් කොවිඩ් ආසාදිත පාසල් සිසුන් දෙදෙනාගේ ආශ්‍රිතයන් ලෙස පාසල් සිසුවියන් 88 දෙනකු ගුරුවරුන් තිදෙනකු ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගෙන ඇති බවත් එම ආශ්‍රිතයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ 12ක් වාර්ථාවි ඇති බවද ඔහු තවදුරටත් පවසන ලදි.
චන්ද්රසෙල්ලහේවා හැටන්