පසුගිය දින දෙකක කාලය තුලදි නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 19 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 1578 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් කරුණු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙසේ හමුවු කොවිඩ් ආසාදිතයන් කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගෙන ඇති බවත් එසේ හමුවු කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා ඔවුන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත්ය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 1578 දක්වා ඉහල යන විට මෙම දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ 11ක් වාර්ථාවි ඇති බවද එම නිලධාරියා තවදුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා හැටන්