නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඊයේ දින සවස් වන විට අලුතින් කොව්ඩ් ආසාදිතයන් 64 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 2491 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිෙදුරටත් කරුණු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුකරය ආශ්රිත ප්‍රදේශවලින් ආසාදිතයන් වැඩි වශයෙන් හමුවන බවත් මෙම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා මේ වන විට පරික්ෂන ආරම්භ කර ඇති බවත්ය.
එසේ හදුනා ගන්නා ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට ලක් කර එම ආශ්‍රිතයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිත මරණ 25ක් වාර්ථාවි ඇති බවත් මෙම දිස්ත්‍රික්කයේ ගන්නා ලද පි. සි. ආර්. 300ක පමන වාර්ථා ලැබිමට තිබෙන බවද එම නිලධාරියා තවදුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා