නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් වෛරසය ආසාදිත වු නව රොගීන් 160 කු ඊයේ (04) දින පෙරවරු 10.00 වනවිට හමුවීමත් සමග සමස්ථ ආසාදිත රෝගීන් සංඛ්‍යාව 4762 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ අනුව අඹගමුව 907 කු, බගවන්තලාව 588 කු, හඟුරන්කෙත 373 කු, කොටගල 275 කු, කොත්මලේ 375 කු, ලිඳුල 332 කු, මස්කෙළිය 201 කු, මතුරට 122 කු, නුවරඑළිය නගර සභා සීමාවේ 335 කු, නව තිස්පනේ 325 කු, නුවරඑළිය 358 කු, රාගල 279 කු හා වලපනේ 292 කු වශයෙන් මෙසේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් වෛරසය ආසාදිතයන් හමුව ඇතැයි එම නිලධාරීහු පවසති.
ඊයේ (04) දිනට වාර්තා වු කොවිඩ් වෛරසය ආසාදිත රෝගීන්ගෙන් 54 කු අඹගමුව, 28 කු කොටගල හා 27 කු ලිඳුල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලින් හමුව ඇතැයිද ඔවුහු කියති.
නුවරඑළිය දිස්ත්‍රික්කය තුලින් වාර්තා වු නව මරනයත් සමග මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් සමස්ථ මරණ සංඛ්‍යාව 72 ක් දක්වා ඉහල ගොස් ඇතැයිද සෞඛ්‍ය අංශ සඳහන් කරති.
ශාන් හුලංනුගේ