නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඊයේ දින සවස් වන විට අලුතින් කොවිඩ් ආසාදිතයන් 61 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදියන් තුන්දහාස ඉක්මවා ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් කරුණු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, හගුරන්කෙත,කොටගල, කොත්මලේ, මස්කෙළිය, නුවරඑළිය, රාගල, වලපනේ, යන සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් මෙම ආසාදිතයන් 61 දෙනා වාර්ථාවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයන් ගනන 3010 දක්වා ඉහල ගොස් ඇති බවත්ය.
මෙසේ අලුතින් හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තවදුරටත් පවසන ලදි
චන්ද්‍ර සෙල්ලහේවා