නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 05වන දින සවස 6.00 වන විට අලුතින් කොවිඩ් ආසාදිතයන් 49දෙනකු වාර්ථාවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 2129 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
මෙම ආසාදිතයන් මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 05ක්, අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 02ක්, නුවරඑළිය සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් 03ක්, නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශයෙන් 03ක්, රාගල සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් 04ක්, කොත්මලේ සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 01ක්, නුවරඑළිය දිස්ත්‍රික් රෝහලේ බාහිර රෝගි අංශයෙන් 08ක්, බගවන්තලාව සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් 03ක්, හගුරන්කෙත සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් 14ක්, නව තිස්පනේ සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් 06ක් වශයෙන් ආසාදිතයන් හමුව ඇති බව එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.
මෙම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් සමස්ථ කොවිඩ් ආසාදිත මරණ 15ක් බවද එම නිලධාරියා තවදුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා