නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතන රෝහල කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ඇතුළු ආරාධිතයින් ගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අයුර්වේද රෝහල් කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය බවට පත් කිරීමේ වැඩසටහනේ ප්‍රථම ආයුර්වේද රෝහල ලෙස මහරගම නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද රෝහල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට මෙසේ පත් කෙරිණි .
රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ අදහසකට අනුව නිර්මාණය කළ සුවධරණී ජංගම දුරකථන ඇප් එක හඳුන්වාදීම ද මෙහිදී සිදු කළ අතර ඒ තුලින් රෝගියා රෝහල්ගත කළ මොහොතේ සිට පිටව යන මොහොත දක්වා රෝගියාගේ රෝග නිශ්චය කිරීම හා වෛද්‍යවරයාට එකම ස්ථානයක සිට සියලු කටයුතු අධීක්ෂණය කිරීමේ හැකියාව ඒ තුළින් පවතී .
දේශීය ආයුර්වේද අමාත්‍යාංශය යටතේ රෝහල් 107 ක් ඇති අතර ඉන් රෝහල් 50 ක් මෙලෙස covid අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පත්කළ පත්කරන බවත් එතුළින් ඇඳන් 3500 ක් රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට ලැබෙන බවත් මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කලාය .
මෙම නාවින්න ආයුර්වේද රෝහලෙන් පිරිමි ,රෝගීන් 65ක් ද, කාන්තා රෝගීන් 35 ඇතුළු රෝගීන් සිය දෙනකුට ප්‍රතිකාර කිරීමට නියමිතය.
ඒ අතර ඇඳන් 10 කින් යුත් භික්ෂු වාට්ටුවකින්ද යුක්තය
මෙහි බටහිර වෛද්‍යවරුන් හතර දෙනෙකු ද දේශීය වෛද්‍යවරුන් හය දෙනකු ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය විසි දෙනෙකුගෙන් යුක්ත වන අතර මෙම රෝහලේ ප්‍රතිකාර කිරීමේ කටයුතු අධික්ෂණ කිරීම මහරගම අපේක්ෂා රෝහල විසින් සිදුකරනු ලබයි
මෙම රෝහල කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ දී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ ශ්‍රම දායකත්වය ලබා දී තිබේ .
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි , දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි , දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර , ආයුර්වේද රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සේනක පිලිපිටිය, 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් ශ්‍රීනාත් ගලගෙදර මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ .
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න